Total Pageviews

තවත් එක කථාවක්


2 කොටස
සති අන්තය ලං වෙද්දී දුර පළාත් වල හැමෝගෙම හිති තියෙන්නේ සිකුරාදා හවසට ඉක්මනට යන්න පුළුවන් වෙයිද කියල.මටත් ඒ දේ එහෙමම තමයි.ඒකනිසා සිකුරාදා හවසට කඩි රැල  වගේ කට්ටිය ඉක්ක්මනට දුවගෙන යනවා ගෙවල් වල යන්න.මමත් යන්න ලෑස්තිවෙලා පන්තියෙන් එලියට බහින්න හදද්දී සතිෂ්  ඔහේ ගානක්වත් නැතිව හෙමිහිට හෙමිහිට එනවා.මම ඇහුව ගෙදර යන්නේ නැද්ද පරක්කු වෙනවා නේද කියල.
එතකොට සතිෂ්  කිව්වා ‘මම ඉතින් හැමදාම හවසට ගෙදරනේ යන්නේ අනුහස් ඒක නිසා ගානක් නැ කියල.
එකනේන්නම් මට හදිස්සිය වැඩි කමට ඒකත් අමතක උනානේ.
මම එහෙනම් සතිෂ් යෝජනාවක් කරන්නද?
මොකක්ද?
සති අන්තයකට යමු අපේ ගෙදර ගිහින් එන්න.අපේ පැත්තේ බලන්න දේවලුත් ගොඩක් තියනවා.
අපරාදෙනේ අනුහස් ඕක මට කලින් කිව්වේ නැනේ.නැත්නම් මටත් එන්න තිබුණා..එකට කමක් නෑ ,අනුහස් අයෙත් ගෙදර යන දවසක මට කියන්නකෝ. මමත් එනවා අනුහස් එක්ක ගෙදර යන්න.
නියමයි නියමයි.එහෙනම් මම අයෙත් ගෙදර යද්දී කියන්නම්කෝ .මගේ හිත ඇතුලෙන් අපු සතුට දෝරේ ගලල ගියා.කොච්චර හොඳද සතිෂ් එක්ක ගමනක් යන්න ලැබෙන ඒක.
සති අන්තයට ගෙදර ගියාම වැඩ ගොඩයි.අම්මගේ වැඩ වලට උදවු කරන්නයි නංගිටයි මල්ලිටයි ගණන්කියල දෙන්නයි වැඩ ගොඩයි.නමුත් එ හැම දෙයක්ම මම සතුටින් කරනවා.කොච්ච්ච්ර උනත් දැන් ඉතින් හැමදාම ගෙදර ඉන්නත් නැ නෙ.ඒක නිසා කරන්න තියෙන වැඩ ටික කරලා දීල යනවා.එතකොට අම්මටත් ලේසියිනෙ.
ඒ දේවල් මොනවා උනත් මොන වැඩේ කලත් සතිෂ් සිහියට එන එක නම් නවතින්නෙම නැ.හැම වෙලාවකම මගේ සිහියට එන්නේ සතිෂ්වමයි.මට මොකද්ද මේ උනේ කියල වෙලාවකට මටම  හිතෙනවා.ඒ හිතට ලං වෙන්න තව කොච්ච්චර කාලයක් මට බලාගෙන ඉන්න වෙයිද දන්නේ නැ.අනික එයා මට කැමති වෙයිද.එයා පිරිමියෙකුට ආදරේ කරන්න කැමති වෙයිද.මගේ හිතට ප්‍රශ්න වැලක්ම ගලාගෙන එන්න පටන් ගත්ත.මොනදේ උනත් කමක් නැ.ලැබෙන දෙයක් සතුටින් බාරගන්නවා.කාලයත් එක්ක සතිෂ් ට මාව තේරුම් ගන්න පුළුවන් වේවි.
සතියක් ගෙවිල අලුත් සතියක් උදා උනා.අයෙත් පුරුදු පරිදි හොස්ටල්  ජීවිතෙයි කැන්ටින්  කෑමයි.මොනවා කරන්නද දුක තමයි.එතකොට මට අප්පච්චි කියපු දෙයක් මතක් උනා. අප්පච්චි හැමදාම කියන්නේ දුක් වින්දොත් කවදා හරි සතුට ලැබෙනවාමයි කියල.ඉතින් මමත් එහෙම හිතල හිත හද ගත්තා.ඒවගේම මට සතුටු වෙන්න කාරණයකුත් ඇත්තටම තියනවනේ.ඒ සතිෂ්.දවස් දෙකකට පස්සේ අයෙත් සතීෂ්ව දකින්න පුළුවන්.ඒක නම් කියන්න බැරි තරම් සතුටක්.
උදේම  ලෙක්චර් එකක් තියෙන නිසා ඒකට යන්න ලෑස්ති උනා.ඒ අතරේ අනුෂ්කයා කෑගහනවා උගේ කලිසමක් නැ කියල.
අනුහස් උඹ මගේ කලිසම දැක්කද බං.
මම දැක්ක කලිසමක් නැ අනුෂ්ක.උඹ ගෙදර ගිහින් එද්දී ඒක අරන්න එන්න නැතුව ඇති.
උඹ මාර කතාවක්නෙ කියන්නේ අනුහස්.මම හෙළුවෙන් අව කියලද උඹ හිතුවෙ.
යකෝ ගෙදර ගිහින් එද්දී ඇඳගෙන ආපු කලිසම තමයි නැත්තේ.
එහෙනම් ඒක උඹ ගලවලා දාපු තැනක ඇති.ඔය රාක්කෙ හොඳට අවුස්සලා බලපන්
ඊට පස්සේ අනුෂ්ක රාක්කෙ අවුස්සන පටන්ගත්තා.
මුගේ වැඩ නම් කිසිම පිළිවෙලක් නැ.මගෙත් පිළිවෙල අඩුයි තමයි.ඒත් අනුශ්ක තරම් අපිළිවෙලට ඉන්න එකෙක් මම දැකලම නැ.මොනවා උනත් මට ඉන්න හොදම යාළුවා අනුෂ්කයනේ.
මචන් කලිසම හම්බ උනා.
තැන්ක යූ අනුහස්.
අනුෂ්ක මම යනවා.උඹ ලෑස්ති වෙලා එන වෙලාවක වරෙන්.
මොකක්ද බං උඹට තියෙන හදිස්සිය.අපි ඔක්කොටම එකම වෙලාවටනේ ලෙක්චර්ස් පටන් ගන්නේ.
ඇයි කවුරු හරි ඉන්නවද මග බලාගෙන උඹ එනකම්.
කවුරු බලන්නද මචෝ.
ඔහොම යනකොට කවුරු හරි හම්බ වෙන්නේ නැතා.බලමුකෝ බලමුකෝ.මම නම් එකකට ඇහැ දාල තියෙන්නේ.උඹත් පොඩ්ඩක් සපෝර්ට් කරපන් හරිද අනුහස්.
අනිවාර්යෙන්ම අපේ එකෙකුට හරියනවනම් ඕන උදව්වක් කරනවා.
එහෙම කියාගෙන මම ඉක්මනට එලියට අවා.සතිෂ් ඇවිල්ලද දන්නේ නැ.මම දුවගෙන වගේ ලෙක්චර් හෝල් ඒකට ගියා.ඒත් මම යද්දී සතිෂ් නැ.වෙනද මේ වෙලාව වෙද්දී සතිෂ් එනවා.අද මොකද පරක්කු.සතිෂ් අද එන්නේ නැද්ද.සිකුරාදා එහෙම කතාවක් කිව්වෙත් නැ.
මම බලාගෙන හිටියා ඒත් අද සතිෂ් එන්නේ නැ වගේ තමයි.ලෙක්චර් එකත පටන් ගත්තා.ඒත් මගේ හිත වෙනමම තැනක.ලෙක්චර කියපු කිසි දෙයක් මට ඇහුනේ නැ.පැය දෙකක්ම ඔහේ ඉඳගෙන හිටිය.සතිෂ් අවනම් කොච්චර හොඳද.මම මග බලාගෙන හිටියේ ඒ රූපේ දැක ගන්න.ඒත් අද එයා ඇවිත් නැ.
“මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා
මග බල බලා... නෙතු දව දවා....
රත්තරන් මං මග බලා සිටියා”


1 කොටස
අද මම උදෙන්ම නැගිටටා.කැම්පස් යන පලවෙනි දවස නිසා.ලෑස්තිවෙලා කැම්පස් එක ට ගිය.ගිහින් මමම මුලින්ම කලේ මගේ යාලුවෝ ටික ඉන්නේ කොහෙද කියල.සෙනග අතරේ හොයල හොයල යන්තම් උන් ටික හොයාගත්ත.කාලෙකට පස්සේ දැක්ක නිසා කට්ටියට කතා කරන්න ඕපාදුප මලු ගණන්.ඉතින් මමත් ආ ගිය කතා  ටික අහගෙන හිටිය.ටික වෙලාවකින් මිස් කෙනෙක් ඇවිත් අපි හැමෝටම ඇවිත් ශාලාවේ වාඩිවෙන්න කිව්වා.අපි ඉතින් හැමදාම අන්තිම පේලියට සෙට් වෙලා පුරුද්දට අදත් අන්තිම පේලියෙන් වාඩිවෙලා හිටිය.කොහෙද ඉතින් එකපාරටම සර් කෙනෙක් කඩාගෙන පාත්වෙලා කිව්වා ළමයි අර මැද පේලි හිස්නේද, ඒවාට ගිහින් වාඩිවෙන්න කියල මොකද කරන්නේ ඉතින් අපිත් ගිහින් වාඩි උනා.සර්ලගේ  කතා අහගෙන ඉන්න ඒක මහා හිසරදයක්.ඒක නිසා මම ඉස්සරහයි පිටිපසෙයි තව දන්නා කියන කවුරුහරි ඉන්නවද කියල බල බල හිටිය.එහෙම බලනකොට මගේ ඇස් දෙක එකපාරටම ඒක තැනක නැවතුණා.ඒ මොහොතේ ඉහලට ගත්ත හුස්ම ටික පහලට ගන්නවත් මට මතක නැති උනා.මගේ ලග හිටපු අනුෂ්ක මගේ කන්ට කරලා ඇහුව මොකද බං උඹ හුස්ම හිරවෙලා වගේ මොකක් දිහාද බලාගෙන ඉන්නේ කියල ඇහුවම තමයි මට අයෙත් පියවි සිහිය අවේ
“නැ බං උබට පිස්සුද මම බලපු මගුලක් නැ”
ආ ඇත්තද බලමුකෝ බලමුකෝ අපිත් මේකෙමනේ ඉන්නේ ,අද නැති උනාට පස්සේ බලාගන්න බැරියැ කවුරු දිහාද බලාගෙන හිටියේ කියල.
ඉතින් බලාගනින් මට මොකද.මමත් ගත් කටටම කිව්වා.
ඔහොම ඉන්නකොට යන්තම් රැස්වීම ඉවර උනා.මේ අය අපි වෙනුවෙන් සංග්‍රහයකුත් ලෑස්ති කරලා.ඒත් මගේ හිත තිබුනේ වෙන තැනක.අයෙත් මේ සෙනග අතරේ මම දැක්ක රූපේ හෙව්වා.ඒත් එයා පෙන්න හිටියේ නැ.එකපාරටම මට හිතුනා මම හීනයක්‌ වත් දැක්කද කියල.එහෙම හිතල අනිත් පැත්ත හැරෙනකොටම මම ශාලාවේදී දැක්ක කෙනා අයෙත් මතු උනා.මට එයත් එක්ක කතා කරන්නත් ඕනේ.නමුත් එකපාරටම ගිහින් කරකරන්න තරම් හිතට හයියකුත් නැ වගේ.මගේ පපුව හොදටම ගැහෙනවා මට දැනෙනවා.
“මොකද අනුහස් තේ එකක්වත් බොන්නේ නැද්ද? ,සැහෙන්න බර  කල්පනාවක වගේ.”සඳමාලි මගේ ලගටම ඇවිත් ඇහුවා.එකපාරටම මාව ගැස්සිලා ගියා.මොකද මම හිටියේ වෙනමම ලෝකෙක නිසා.මට එකපාරටම කියන්න දේකුත් නැති උනා.ඒ පාර මම කිව්වා “ඔයාල ඉතින් තනියම තේ බොන්නේ අපිටත් කතා කරා නම් නරකද කියල.
ඒක නේන්නම් මේ ඇවිත් කිව්වේ.”
බොහොම ස්තුතියි එහෙනම් මමත් යනවා තේ එකකක් බොන්න.යන්තම් සඳමාලිගෙන් ගැලවිලා ආවා.නැත්නම් මට තේ නෙවෙයි තව පැයකට වතුර ටිකක් වත් බොන්න වෙන්නේ නැ.
කොහොම කොහොම හරි දවසම උත්සහ කරලවත් එයත් එක්ක වචනයක් වත් කතා කරගන්න බැරි උනා.අඩුම තරමේ නම වත් අහගන්න.කොහෙද ඉතින් අපේ එවුන් එක්ක කොහෙට ගියත් හොට දාන්න එනවනේ.
කමක් නැ.තව අවුරුදු තුනක්ම   අපි හම්බ වෙනවනේ.එතකොට කතා කරනවා කියල හිත හදාගෙන ගෙදර අවා.නමුත් මගේ හිතට එන්නෙම උදේ දැකපු රුපෙමයි.කිසි වැඩක කරන්න හිත දෙන්නේ නැ.කොහොම හරි එදා රැ මට නින්ද ගියෙත් නැ.පසුවදා උදේම නැගිටලා පාසලට ගියා.මම ගේට්ටුව් ලගට යනකොටම මගේ සිහිනය මගේ ලගම.දැන්නම් මම අනිවාර්යෙන්ම කතා කරනවා කියල හිතාගත්ත.
මම ඒ මුණ දිහා බලල හිනාවෙලා ගුඩ් මොර්නින්ග් කිව්වා
ගුඩ් මොර්නින්ග්”
මම අනුහස් ඔයාගේ නම මොකක්ද?
මම සතිෂ්  .එයා කිව්වා.මගේ හිතට දැනුන සතුට මෙපමණයි කියල කියන්න බැරි තරම්.මට මෙයාව තුරුළු කරගන්න තියනවනම්.නමුත් මගේ හිති මොනවා තිබුනත් මෙය මොනවා හිතාගෙන ඉන්නවද කියල මට කියන්න බැනේ.ඒකනිසා ඒ අදහස ගොඩක් පස්සට දැම්මා.
මොනවද කල්පනා කරන්නේ? සතීෂ් මගෙන් එකපාරටම ඇහුවා.
නැ මම මේ කල්පනා කරේ ඔයව මීට කලින් කොහේදී හරි දැකල තියනව කියල මතකයක තියනව.කොහෙදිද කියල මතක නැ.
ඔයාගේ ගෙවල් කොහෙද? මම අයෙත් ඇහුවා.
මම නුගේගොඩ  අනුහස් කොහෙද?

මම නුවර .හොස්ටල් එකේ  නැවතිලා ඉන්නේ.
මම කැන්ටින් එකට යනවා සමනල් එනවද?
නැ මචං මම ලෙක්චර් හෝල්  එකට යනවා.
මොකක්ද ලෙක්චර් එක?
ඉකොන්
මොනවද අනුහස්ගෙ   සබ්ජෙක්ට්
ඉකොන්,සමාජ විද්‍යාව,දේශපාලන විද්‍යාව.
ඉතින් මමත් ඒ සබ්ජෙක්ට් තුනම  තමයි කරන්නේ.සතිෂ්  කිව්වා.
ඒ වචන ටික ඇහුණාම මගේ හිත සතුටින් පිරිලා ගියා. එහෙනම් යමු මමත් ලෙක්චර් හෝල්  එකට ඇවිත්ම කැන්ටින් යන්නම්.
අපි දෙන්නම ලෙක්චර් හෝල්  එකට ගියාට පස්සේ එයාගේ ලඟම මගේ බෑග් එකත් තිබ්බා.
එහෙනම් සමනල් මම කැන්ටින් එකට ගිහින් එන්නම්. කියාගෙන මම කැන්ටින් එක පැත්තට ආවා.දැන්නම් මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා.මොකද මෙයත් මගේ ක්ලාස් එකටමනේ වැටිලා තියෙන්නේ.දැන් ඉතින් මට මෙයාගේ ලඟින්ම ඉන්න පුළුවන්.කොච්චර දෙයක්ද ඒක.අද රෑ නම් මට හොඳට නින්ද යයි.මොකද ඊයෙත් ර එළිවෙනකං නින්ද ගියේ නෑනේ.
හවස ලෙක්චර් ඉවර වෙලා යන ගමන් මම අයෙත් සමනල් එක්ක කතාවට වැටුනා.ඒ වෙලාවේදී අපි දෙන්නම දෙන්නගේ ගෙදරවල් වල විස්තර දැනගත්ත.සමනල එයාගෙ පවුලේ වැඩිමලා.එයාට නංගිලා.දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් තාම ඉගෙනගන්නවා.අම්මයි, තාත්තයි හොද තැන්  වල රස්සා කරන අය.
මට සමනල් දැකපු මුල්ම වෙලාවේම මගේ හිත ඇදිල ගියේ මොකද කියල මට හිතාගන්නවත් බෑ.මොකද මීට කලින් කවදාවත් මට එහෙම දෙයක් වෙලා නෑ.එත් මට සමනල් ගැන මහා ලොකු ලෙන්ගතු කමක් දැනෙනවා.ඒත් මට මේ ගැන කවදාවත් සමනල්ට කියාගන්න බැරිවෙයිද කියලත් මට හිතෙනවා.අනේ  මන්දා.තවම මම එයාව දැකලත් දවස් දෙකයි.ඒ ටිකට මගේ හිත ගිහින් තියෙන දුරක්.ඒ දේවල් කොහොම උනත් මගේ හිතට මේ දැනුනු උණුසුම නම් කවදාවත් නැති වෙන්නේ නෑ.ඒක නම් මට හොඳටම විශ්වාසයි.තව අවුරුදු දෙකක්ම  අපි එකට ඉන්නවනේ.ඒ වෙනකොට එයාට මාව තේරුම ගන්න පුළුවන් වෙයි.මට එයගේ ආදරවන්තය වෙන්න බැරි උනත් මම එයාට හොඳම හොඳ යාලුවෙක් හරි වෙනවා වෙනවමයි.එහෙම හිත හිත බස් එකට ගොඩ උනා.එකේ දාල තිබුණු ලස්සන සින්දුවක් මට ඇහුන
“සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකදු තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
එවගෙයි මනරම්
කරනු බැරි තහනම්”



No comments:

Post a Comment