Total Pageviews

Wednesday, August 1, 2012

අම්මා


ජිවිතයේ හැමදාමත්
නිවැරදි මග කියා දුන්න
දුක සැප දෙකෙහිම කවදත්
මගේ ලඟම  රැදී උන්න
උතුම්ම සෙනෙහස හැමදත්
මා වෙතටම ලබා දුන්න
වචන පේළි මදි අම්මේ
ඔබේ සෙනෙහස කියාගන්න

ඔබ එන තුරු


තුරුලට ඇවිදින් ඔබගේ
ඔබේ උණුසුම විඳගන්නට
පෙරුම් පුරන්නෙමි මා නම්
කලක පටන් සිත ඇතුලෙන්
පවසන තුරු ඔබ දිනයක්
අයා සිටී මගේ දෙනුවන්
දැක ගන්නට පියවි ඇසට
ඔබගේ කඩවසම් සිරුර
කියනු මැනවි මා පෙම්වත
හමුවන්නට සුදුසු දවස
කවදාදැයි නොපමාවම

Saturday, July 7, 2012

සිනහව


නොමිලේම දිය හැකි

සැමහට දියහැකි

ඔබේ ඔය සිනහව 

දෙන්න සැමවිට සැමහට

Wednesday, July 4, 2012

ඔහුට ලියු ලිපිය.


ආදරයෙන් ඔබට ලියමි.
                   මම මේ ලියුම කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැ.නමුත් කොහොම හරි පටන් ගන්නත් ඕනි නිසා මෙහෙම පටන් ගන්නම්.මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ අය්යෙ.ඔයා දැක්ක මුල්ම දවසේම  මගේ හිත ඇතුලේ ඔයා ගැන ආදරයක් ඇතී උනා.ඒ ඇති උන ආදරෙත් එක්ක මම හැම වෙලාවේම ඔයාට ලං වෙන්න උත්සහ කලා.ඒත් මගේ හිතේ බයකුත් තිබුණා.ඒ බයත් එක්කම උනත් මම ඔයත් එක්ක කතා කරන්න පටන් ගත්තා.ඊට පස්සේ මගේ හිතේ තිබුණු බය නැතිවෙලා ගිය.මගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා ගියා.ඔයත් එක්ක කතා කරන්න ලැබුණු එකත් කොච්ච්ච්ර දෙයක්ද කියල මට හිතුනා.
                 ටික දවසක් ඔයත් එක්ක කතා කරද්දී මගේ හිතේ තිබුණු ආදරේ ටික ටික වැඩි උනා.දවස ගානේ මගේ හිතින් ඔයාට ලං උනා.ඔයා ආදරයෙන් කතා කරද්දී ඒ කටහඩට මම වශී උනා.හැම මොහොතකම ඔයාගේ කටහඩ අහන්න ඕන උනා. ඉඩක් ලැබුණු  හැම වෙලාවකම ඔයාට කතා කලේ ඒකනිසයි.ඔයත් මට ආදරයෙන් මගේ රත්තරන් කියද්දී මගේ හිත සතුටින් පිරුණා.මගේ පැටියෝ කියල ආදරයෙන් කතා කරද්දී මම ඔයාගේ ඇස්  දෙක දිහා බලාගෙන හිතුවේ මේ ඇස් දෙක මටම අයිති වෙන්න ඕන කියල.සදහටම මටම විතරක්.එහම හිත හිත  මම මගේ හිතින් ඔයාට ලං උනා.මම හිතුවේ ඔයාටත් ඒක දැනුන කියල.
                  ඔයාගේ උනුහුමට තුරුළු වෙලා හැමදාම ඉන්න මම අසා කලා. ඒක නිසා මට ඔයා ලගට එන්න පුළුවන් උන හැම වෙලාවේම මම ඔයාව හොයාගෙන අවා.මම එහෙම අවම මාව තුරුළු කරගෙන මගේ නළල සිප ගන්නකොට මම සතුටින් ඉපිලෙනවා.ඔයාගේ සුවදට මම පුදුම ආසාවක් තිබුනේ.ඔයාගේ පපුවට තුරුළු වෙලා නිදාගන්න ඒක තරම් සතුටක් මට නැතී තරම.
                  ඒ හැම දෙයක්ම එක්ක ඔයාගේ ඇතුලේ හිටපු මනුස්සයට මම ගොඩක් ආදරේ කලා.ඔයා වගේ හොද ගති ගුණ තියන මිනිස්සු මේ ලෝකේ අඩුයි.ඉතින් මම ගොඩක් කැමති,මගේ හිතේ ඇඳිලා තිබුණා හීන කුමාරය ඔයාම තමයි.වෙන කවුරුවත්ම නෙමෙයි.මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ රත්තරන් අය්යෙ.මම මගේ ආදරේ කියන්න දවසක් එනකම් බලාගෙන හිටිය.එහෙම ඉදලා මම මගේ හිතේ තියන ආදරේ ඔයාට කියපු දවස ඔයාට මතකයි නේද මගේ අය්යෙ.
ඒත්,
                 එකපාරටම ඔයාගේ කටින් පිට උන වචන ටිකත් එක්ක මගේ හීන මාලිගාව බිමට කඩාගෙන වැටුනා.මගේ කකුල් දෙක පන නැතිව ගියා.මොනවද කරන්නේ කියල මට හිත ගන්න බැරි උනා.ඔයාට මතකද ඔයා කියපු දේ
“මම අයෙත් කවදාවත් පිරිමියෙකුට ආදරේ කරන්නේ නැ”
ඒ වචන ටික තාමත් මගේ හිත ඇතුලේ දෝංකාර දෙනවා.මට ඔයාව මතක් වෙන වාරයක් පාසා මම හිත ඇතුලෙන් අඩනවා.ඒත් ඔයාට ඒක දැනෙන්නේ නැ.
               මම ඇහුව ඒ ඇයි කියල.එතකොට ඔයා කිව්වේ මීට කලින් දෙන්නෙක් ඔයාට ආදරේ කරලා ඔයාව දාල ගියා.ඒක නිසා අයෙත් ආදරයක් ගැන හිතන්නේ නැ කියල.ඒත් මගේ අය්යෙ මම ඔයාව කවදාවත්ත් දාල යන්නේ නැ.මගේ මුළු ජිවිතෙම ඔයත් එක්කම විතරයි ගෙවන්න ඕනේ කිව්වම ඔයා ඒක ගණන් ගත්තේ නැ.
ඒකට මම ඔයාට කවදාවත් දොස් කියන්නේ නැ මගේ අය්යෙ.මම අයෙත් හැරිලා බලල කල්පනා කරද්දී මට තේරුණා මම ඔයාව තේරුම් ගත්ත විදිහ වැරදියි කියල.ඔයා මාව ඇසුරු කරලා තියෙන්නේ හොද යාලුවෙක් විදිහට.නමුත් ඔයා ආදරණිය විදහට මගේ ලඟ ඉද්දි මම හිතුවේ ඔයා මට ආදරේ නිසා එහෙම ලං වෙලා ඉන්නවා කියල.ඔයා ආදරයෙන්  “මගේ රත්තරන්” “මගේ පැටියෝ” කියද්දී අසාවෙන් අහගෙන හිටියේ ඔයා මටම විතරක් කියන දේවල් කියල.නමුත් කාලයත් එක්ක මම දැන් දන්නවා ඒ වචන ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන කියල.මොන දේ උනත් ඔයා හොද මනුස්සයෙක්.මම ඒ මනුස්සකමට ගරු කරනවා.
ඔයාට මගේ ගැන ආදරයක් හිතෙන්න නැතිව ඇතී කවදාවත්.ඔයා මට ආදරේ කලත් නොකලත් මගේ හිතේ ඔයා ගැන තියන ආදරේ අඩුවෙන්නේ නැ කවදාවත්.මගේ හීන කුමාරයා උන ඔයා ගැන ඇතිඋන ආදරේ මගේ හදවතේ ගැඹුරේම තැන්පත් වෙලා තියනව.මට හැම මොහොතකම ඔයා මතක් වෙනවා.මාව මගහරින්න එපා කවදාවත්.ඔයා මට ආදරේ කරන්න කියල මම ඔයාට බල කරන්නේ නැ.කෙනෙක්ව හිතට දැනෙන්නේ නැතිව ආදරේ කරන්න බැනේ.අපිට අපි අයිති නැතිව ඇති.ඒක මගේ නොලැබීම.ඔයාට පුළුවන් හැම වෙලාවකම මට කතා කරන්න.මම ඔයාට කරදර කරන්නේ නැ මගේ අය්යෙ.
මම ඔයාට  ගොඩක් ආදරේ කරන
අනුහස් මල්ලි.

ප.ලි.
ඔයාට කවදා හරි මා ගැන ආදරයක් ඇති උනොත් මට කියන්න.එහෙම දවසක් එයි කියල මම හැමදාමත් බලාගෙන ඉන්නවා.

Monday, July 2, 2012

දුක

                                                   
 දරාගන්න අමාරුම
ඒත්,
දරාගන්න වෙන
හැමෝටම දැනෙන
හැම සිතක් තුලම ඇතී
අකුරු දෙකේ වචනය

Sunday, July 1, 2012

ආදරේ තරම



මහා සයුරත් වැඩිය

මහ පොළවටත් වැඩිය

මේ මුළු විශ්වයටම වැඩිය

වැඩියි මගේ ආදරේ

ඇත්තමයි සත්තමයි

වහින්නට හැකි නම්

ආදරය

ආදරය කියන්නේ පුදුමාකාර හැගීමක්.ඒක දැනෙන විදිහ කෙනාගෙන කෙනාට වෙනස් වෙනවා.ආදරේ කියන්නේ මොකක්ද කියල දහ දෙනෙක්ගෙන් ඇහුවොත් ලැබෙන්නේ උත්තර දහයක්.සමහර අය කාලෙන් කාලෙට එක එක අයට ආදරය කරනවා.සමහර අය තමන්ගේ මුළු ජීවිතේටම එකම කෙනෙකුට විතරක් ආදරය කරනවා.ජීවිතේට ආදරේ ඇතුවත් බැ නැතුවත් බැ.මොනවා කරන්නද ජිවිතේ හැටි.සමහරු ආදරය නිසා සතුටින් ඉන්නවා.සමහර අය දුකින් ජිවත් වෙනවා.අපි බලාපොරොත්තු වෙන ආදරේ අපිට නොලැබී යන්න තියන අවසථාව  වැඩියි.ඒ වගේම නොසිතු වෙලාවක අපිට නොසිතු කෙනෙක්ගේ ආදරය ලැබෙන්නත් පුළුවන්. මට හිතෙන හැටියට ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.එකේදී ආපසු බලාපොරොත්තුවෙන් අදරේ කරන්න ගියොත් නොලැබී යන්න පුළුවන්,නමුත් අපි දිගටම ආදරේ කලොත් ඒ කෙනාගේ ආදරේ අපිට ලැබෙන්න පුළුවන්.ඉතින් අපි ආදරේ කරමු

Saturday, June 30, 2012

හදට දැනුනු ආදරේ



කැකෑරෙමින් හද පතුලේ
තිබුනා එය කලක් තිස්සෙ
කියාගන්නේ කෙලෙසකදැයි
සිතුවා මම හැමදාමත්
කියාගන්න හිතුවත් මම
තිබුණා මගේ හිතට බයක්
දරාගන්න බැරිම තැනදි
කීවෙමි මම ආදරෙයි
ඔබේ කනට කොඳුරලා
හදට දැනුනු ආදරේ ..............

මමත් බ්ලොග් එකක් පටන්ගත්ත

හැමෝම එක එක විදිහේ බ්ලොග් පටන් අරගෙන තියනවා.මටත් හිතුන මගේම කියල බ්ලොග් එකක් පටන් ගන්න.මට හිතෙන දේවල් නිදහසේ කියන්න පුළුවන් විදිහේ එකක්.එක නිසා මමත් බ්ලොග් එකක් පටන්ගත්ත.